රාජ්‍ය සේවා වොලිබෝල් තරඟාවලිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන වොලිබෝල් තරඟාවලිය බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක මහතාගේ සහභාගීත්වයෙන් ඉයේ(18) වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩංගනයේදී ආරම්භවිය.

මෙම තරඟාවලිය සඳහා දිවයිනේ සියළුම රාජ්‍ය ආයතන අතුරින් රාජ්‍ය ආයන 63ක වොලිබෝල් කණ්ඩායම් සහභගීවනු ඇත.

ඒ අතුරින් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ජනාධිපති ආරක්ෂක අංශය, සමෘද්ධි බැංකුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සහභාගී වේ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් පීරිස්, භාණ්ඩාගාරික ටී.එන්. චන්ද්‍රසිරි හා වොලිබෝල් ක්‍රීඩා නිලධාරී ඒ.ඒ.ජයතිස්ස යන මහත්වරුන් ඇතුලු තවත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *