අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණයක් පැවැත්විමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අද(22) අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යැවීමට නියමිත බව වාර්තා වේ.

බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ(21) පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වී සිටි.

නිරික්ෂණ කුළුණ මතට නැග 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවියන් පිරිසක් පළමුවෙන් විරෝධතාවය ආරම්භ කළ අතර පසුව තවත් පිරිසක් එම විරෝධතාවයට එක්ව තිබුණි.

බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් ඉන් ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

කෙසේවෙතත් මෙම රැඳවියන්ට සිරමැදිරි තුළින් පිටතට පැමිණිමට හැකි වූයේ කෙසේ ද යන්න ගැටලු සහගත වේ.ඒ සඳහා බන්ධනාගාර නිලධාරින්ගේ සහය හිමිවී ඇද්ද යන්න පිළිබඳව සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගනිමින් සොයා බැලීමට බලාපොරොත්තු වන බව අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 2 =