එයාර්ටෙල් ලංකා තම ජාලය20% කින් ව්‍යාප්ත කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් තවදුරටත් ආයෝජනය සඳහා එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය(Board of Investments, Sri Lanka)සමග ඉකුත්දා ගිවිසුමකට අත්සන් කෙරිණි. ශ‍්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුදැනුම යටතේ එම ආයෝජන බැඳීම සිදුවිය.

එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඩේ මහතා මේඅවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අතර “ශ්‍රීලංකාව කෙරෙහි අප දක්වන කැපවීම සහ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය ගැන අපේ තිබෙන බලාපොරොත්තු මෙම ආයෝජනයෙන් විදහා දැක්වෙනවා.

ජාල ගත පරාසය වර්ධනය කිරීමත් සමග බැඳී ඇති බුද්ධි ජාලය සහ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එයාර්ටෙල් ලංකා සමාගමට එකතුවන්නේ නවතම යාවත්කාලීන කිරීම් සමගයි.

මෙය වනවිටත් ශ්‍රී ලංකාව තුළ අප සිදුකර තිබෙන ඩොලර් මිලියන 0.5ක අයෝජනයේ දිගුවක් බව මම ඉතාමත්ම සතුටින් කියා සිටිනවා. රටේ ඉතාමත්මවැදගත් යටිතලයක් ලෝක මට්ටම දක්වා ක‍්‍රමයෙන් රැගෙන එමින් රටේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා දායක කර ගැනීමට එමගින් හැකිවේවි”යැයිපවසා සිටියේය.

ශ්‍රී ලංකා ආයෝජනමණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා එහිදී අදහස් දක්වමින් Airtel සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්දයෙන් සිය සතුට පළ කර සිටියේය.මෙම ජාල ව්‍යාප්ත කිරීම වෙනුවෙන් සිය සුබපැතුම් එක්කරන බවද ඒ මහතා පැවසීය.

පසුගිය මාස18ක කාලය පුරා තෙවැනි නියාමන පාර්ශ්වයන් විසින් කරන ලද පරීක්‍ෂණවලට අනුව ශ‍්‍රීලංකාවේ වේගවත්ම අන්තර්ජාලසේවාව ලෙසින් එයාර්ටෙල් ලංකා හඳුනාගෙන තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ්‍රීලංකාවේ යෞවනයන් අතර දෙවැනි විශාලතම අන්තර්ජාල සේවාසැපයුම්කරු බවට Airtel පත්ව ඇත. Airtel සමාගම ශ්‍රීලංකාවට වැදගත් යටිතල පහසුකම්වලින් සපිරි නවතම තාක්ෂණ හඳුන්වාදී මෙහි පමණක් නොව එමගින් දිවයිනපුරා 60,000 කට අධික පුරවැසියන්ට සෘජු සහ වක‍්‍ර රැකියා අවස්ථා උදාකරදීමටද හැකිව තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේ ප‍්‍රධාන ව්‍යාපාරික හවුල්කරුවකු බවට එය පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *