දීපිකා හා රන්වීර්ගේ විවාහය ලබන මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හා ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං සමඟින් ලබන මස 14 හා 15 යන දෙදින විවාහ වන බවට නිළ වශයෙන් දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් දෙදෙනා විසින් ඊයේ (21) නිකුත් කරන ලද නිවේදනයක් මඟින් මෙම ආරංචිය රසිකයින් වෙත දැනුම් දීමට කටයුතු කර ඇත.

“අප පවුල්වල ආශීර්වාදය සමඟින්, අපගේ විවාහ මංගල්‍යය නොවැම්බර් 14 සහ 15 යන දෙදින සිදු කිරීමට නියමිත බව පවසන්න ලැබීම ලොකු සතුටක්. වසර ගණනාවක් තිස්සේ ඔබ අප කෙරෙහි දැක්වූ ආදරයට ස්තුතියි. ඒ වගේම ලෙන්ගතු මිත්‍රත්වයෙන් සහ එකමුතුවෙන් අපි ආරම්භ කරන්න යන ආදරයේ චාරිකාවට ඔබගේ ආශිර්වාදය ලැබේවි යැයි සිතනවා,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වී තිබේ.

කෙසේ වෙතත් විවාහ උත්සවය පවත්වනු ලබන ස්ථානය ගැන එහි සඳහන් කර නොමැත.

එසේම මංගල උත්සවය ඉතා පුද්ගලික ආකාරයට පැවැත්වීමට නියමිත බවටද තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *