රංගන හේරත් ටෙස්ට් පිටියෙන් සමුගනියි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය යටතේ ගාල්ලේදි නොවැම්බර් 06 වැනිදා පැවැත්වෙන පළමු තරගයේදි තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනු ලැබේ.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සිය සමුගැනීමේ තරගාවලිය බව මීට මාස කිහිපයකට ඉහතදීම රංගන හේරත් ප්‍රකාශ කර තිබිණ.

එහෙත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන ගාල්ලේදීම තමන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් බව රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

රංගන හේරත් වසර 1999 දී සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූයේත් ගාල්ලේදීමය.

මේ වන විට ටෙස්ට් තරග 92 කට ක්‍රීඩාකර ඇති රංගන හේරත් ටෙස්ට් කඩුලු 430 ක් දවා ගැනීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *