අධිකරණයේ ස්වාධීනභාවය තහවුරු කිරිමේ ක්‍රියා මාර්ග ගන්නවා – නව අගවිනිසුරු

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයේ ස්වාධීනත්වය සහ විශ්වාසය තහවුරු කිරිමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පවසයි.

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ අද(22) පැවති පිළිගැනිමේ උත්සවය අමතමින් අගවිනිසුරුවරයා මේ බව සදහන් කළේය. ජනතාව අධිකරණ ක‍්‍රියාවලිය කෙරෙහි දැඩි අවධානයකින් පසුවිය යුතු බවද නලින් පෙරේරා මහතා පැවසීය.

විශේෂයෙන්ම දූෂණයෙන් තොර අධිකරණ පද්ධතියක් මෙරට ඇති කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද නව අගවිනිසුරුවරයා එහිදී කියා සිටියේය.

මෙම පිළිගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරුන් සහභාගි වී සිටියහ. එසේම මෙම උත්සවය සඳහා ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *