අකුණු සැර වැදී තිදෙනෙකුට තුවාල -අයෙක් තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දමන, වෙහෙරගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(22) සවස 04.15ට පමණ ගොවිතැන් කටයුතුවල නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට අකුණු සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් තොට්ටම රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ දමන, මහනාගපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාලකරුවෙකු සහ තුවාලකාරියක රෝහගෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අනෙක් තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සදහා අම්පාර රෝහල වෙත මාරු කර යවා ඇත.

දමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *