ගෝලීය ආර්ථික අර්බුද හමුවේත් ගම නැංවීමට ව්‍යාපෘති ලක්ෂයක්

(කොළඹ, ලංකාපුවත්) –ගෝලීය ආර්ථික ආර්බුදයක් පවතින අවස්ථාවේ වුව ද ගමේ ආර්ථිකය නැංවීමට වර්තමාන රජය නව ව්‍යාපෘති ලක්ෂයක් පමණ ගම් මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙන බවත්, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම එකවර කරන බිම් මට්ටමේ සංවර්ධනය එය බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම නව ව්‍යාපෘතිවලින් පනස් දහසක් ම ආරම්භ කර ඇත්තේ ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ග්‍රාම නිලධාරීන් 25000ක් බඳවා ගැනීමේ දෙවැනි අදියර අදියර මෙයයි.

අරලියගහ මන්දිරයේ දී ඊයේ (22) පැවැති මෙම උත්සවයේ දී අගමැතිවරයා මෙසේ ද පැවසීය.

“ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්ෂයක් පමණ දැන් ක්‍රියාත්මක කරන බව ව්‍යාපෘති අංශය මට දැනුම් දුන්නා. ඉන් පනස් දහසක්ම ගම්පෙරළිය නිසා අලුතින් ඇති වු ව්‍යාපෘතියි. මේ සඳහා රුපියල් බිලයන 20ක් අපි යොදවා තිබෙනවා. අනිකුත් වැඩසටහන් සියල්ල ම මාර්ග, විමධ්‍යගත වැඩසටහන්, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය වැනි සියල්ල එක් කළ විට ලක්ෂයකට වඩා ව්‍යාපෘති ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් සිදු කරනවා. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම එක වර කළ බිම් මට්ටමේ සංවර්ධනය මෙයයි. මේ සංවර්ධනය නිසා යම් මුදලක් අපට එනවා. ගමේ කරන ඉදිකිරීමේ කටයුත්තකින් වුවත් මුදල් එනවා. මේ මුදල් සියල්ල ගමට එන්නේ. මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙනවා. මේ මුදල් ගමට ගෙනා විට මෙය මගේ වැඩක් නොවෙයි කියලා මඟහැර යන්න එපා. අද ගමට උවමනා වැඩ කරන්න ඔබත් දායක වෙන්න.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + fourteen =