විස්සයි විස්සේ ශ්‍රී ලංකා නායකත්වය තිසරට

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා නම් කර ඇත.

එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර් මස 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට අත් දෙකෙන්ම පන්දු යැවීමට හැකියාවක් ඇති තුන්ඉරියව් ක‍්‍රීඩක කමිදු මෙන්ඩිස් ඇතුලත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − five =