සවස දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයින අභ්‍යන්තරයේ සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර පසුව එම වැසි වයඹ, බස්නාහිර සහ දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවද සදහන් කරනු ලැබේ.

වයඹ, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =