විල්ලා අද මෙක්සිකෝවට

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ නිරිත දිග වෙරළ කළාපයට පැමිණෙමින් තිබෙන “විල්ලා සුළි කුණාටුව” හේතුවෙන් එරට කාළගුණ බළධාරීන් පැසිෆික් මුහුදු කළාපයේ කොටසකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

පැයට කිලෝමීටර් 250 ක වේගයකින් යුත් මෙම සුළි කුණාටුව අද (23) දිනයේදී මෙක්සිකෝවේ නිරිත දිග වෙරළ කළාපයට ඇතුල් වනු ඇති බව එරට ජාතික සුළි කුණාටු අංශය සදහන් කර ඇත.

ප්‍රචණ්ඩ විල්ලා සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇතිවනු ඇති බවත් හදිසි ගංවතුර සහ නාය යෑමේ තත්ත්වයන් ගැන අවධානයෙන් සිටින ලෙස නිරිත දිග මෙක්සිකෝවේ සිටින ජනතාවට මේ වන විටත් අනතුරු අඟවා තිබේ.

පස්වන කාණ්ඩයට අයත් සුලි කුණාටුවක් ලෙස පැවති මෙම සුළි කුණාටුව මේ වන විට හතර වන කාණ්ඩයට පත්ව ඇති බව ද සදහන් වේ. නමුත් එහි ප්‍රබලත්වය මෙතෙක් අඩු වී නොමැති බවද කාළගුණ අංශ පෙන්වා දෙයි. මේ වන විටත් අධික වැසි සහිත සුළං තත්වයක් දැකි ගත හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගිය සතියේදී අමෙරිකාවට එල්ලවූ මයිකල් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 26 දෙනෙක් ජිවිතක්ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *