එක් තීරයක එක් මාවතක් 05 වන සංවත්සරය කථානායක ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ ප්‍රධානත්වයෙන්, හා විදේශිය රටවල මිත්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමය(CPAFFC) මගින් සංවිධානය කළ 21 වන සියවසේ සේද මාවත, හෙවත් එක් තීරයක එක් මාවතක් 05 වන සංවත්සර උත්සවය කොළඔ ගලධාරී හෝටලයේදී ඊයේ (24) පැවැත්විණි.

සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය , ගෞරවනීය ආරාධිතයින් වශයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂියුවන්, අමාත්‍ය පාඨලී චම්පික රණවක, චීනය සමඟ මිත්‍රත්වය සදහා වන දකුණු ආසියානු සංගමයේ සභාපති අනුප් රංජන් බට්ටාරි, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර යන මහත්වරු එහිදි අදහස් දැක්වු අතර , බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන මහේෂ් අල්මේදා.නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, හිටපු අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න,ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් සහභාගි වුහ.

මෙහිදී කථානායකවරයා අතින් ගෞරව සම්මාන 5ක් රටවල් 5ක නියෝජිතයන්ට පිරිනැමිණි.ශ්‍රි ලංකවේ චීන තානාපති කාර්යාලයේ උප තානාපති ලීන් යී මහත්මියට හා චින AIDI අක්ෂි රෝහලේ උප සභාපති අක්ෂි විශේෂඥ වෛද්‍ය යාඕ ෂියාමන් මහතාට ගෞරව සම්මාන පිරිනැමුණි.මෙයට අමතරව ශ්‍රි ලංකාව, නේපාලය, චීනය, මාලදිවයින, ඉන්දියාව හා බංගලිදේශයේ නියෝජනය කරමින් චීන මිත්‍ර සංවිධාන පොදු එකඟතා ගිවිසුමකටද එකවර අත්සන් කළහ.

එක් තීරයක් එක් මාවතක් ආර්ථික මණ්ඩපය, එක් තීරයක් එක් මාවතක් සංස්කෘතික මණ්ඩපය, එක් තීරයක් එක් මාවතක් සංචාරක මණ්ඩපය එක් තීරයක් එක් මාවතක් මිත්‍ර ප්‍රවර්ධන මණ්ඩපය යන තේමා හතරක් යටතේ ප්‍රධාන සමුළුවට සමගාමීව සාකච්ඡා මණ්ඩප 4ක්ද පැවැත්විණි.

චීනය,බංගලිදේශය. ඉන්දියාව. නේපාලය. මාලදිවයින හා ශ්‍රී ලංකාව නියොජනය කරමින් විද්වතුන්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින්, බුද්ධිමතුන් රැසක් මෙම සමුළුවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *