තලෙයිබාන් නායකයෙකුට පාකිස්ථානයෙන් නිදහස

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථාන අත්අඩංගුවේ සිටි තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු නිදහස් කර තිබේ.

මුල්ලා අබ්දුල් ගානි නැමැති අදාළ පුද්ගලයා තලෙයිබාන් සංවිධානය බිහි කිරීමට දායකත්වය ලබාදුන් සම නිර්මාතෘවරයෙක් ලෙස හැදින්වේ.

අබ්දුල් ගානි 2010 වසරේ පෙබරවාරි මාසයේ දී පාකිස්ථානයේ කරච්චි නුවරදී අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් අමෙරිකානු රජය ගෙනයන සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමේ අරමුණින් මොහුට නිදහස ලබාදීමට පාකිස්ථාන රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *