නේපාලයේ ලුම්බිණියේ දී ප්‍රථමවරට ත්‍රිපිටකය සජ්ඡායනාවක්

(කොළඹ, ලංකාපුවත්) – නේපාලයේ පූජණීය ලුම්බිණියේ දී ප්‍රථමවරට බුදු රජාණන්වහන්සේ වදාළ ත්‍රිපිටකය සජ්ඡායනා කිරීමේ මහා පුන්‍යෝත්සවය නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා ලුම්බිණියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි සමස්ත නේපාල භික්ෂු සම්මේලනයේ සභාපති, කත්මණ්ඩු ආනන්ද කුටි විහාරයේ විහාරස්ථානාධිපති අතිපූජ්‍ය මෛත්‍රී හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

ත්‍රිපිටක සජ්ඡායනය බුද්ධගයාවේ ද සජ්ඡායනා කෙරෙන බවත් මින්පෙර නේපාලයේ එය සිදු නොවනු බවත් මෙම අවස්ථාව බෞද්ධයන් ලෙස අත්දැකීම් ලබන ඓතිහාසික අවස්ථාවක් බවද මෛත්‍රී හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

මෙම අවස්ථාව සඳහා රටවල් 18ක් නියෝජනය කරමින් බෞද්ධ ස්වාමින්වහන්සේ 500 නමක් සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *