නැගෙනහිර පළාතේ වැසි වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –මේවන විට ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කරනු ලැබේ.

එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා කියා සිටියේ නුවරඑළිය, මාතලේ, රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බවය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබුවේ නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද(26) දිනයේ දී අපේක්ෂා කරන බවය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව,ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *