අගමැති එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියට ගරු කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලීමක් සිදුකරයි. විජේරාමේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් මෙම ඉල්ලීම සිදු කරන ලදි.

මේ අතර නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ද සිටින බව වාර්තා වේ. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව සදහන් ය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට පාක්‍ෂිකයින් රැසක් සහ මාධ්‍යවේදීන් රැසක්ද රැදී සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *