ආපනශාලාවල ආහාර මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) – අද(29) සිට ආපන ශාලාවල ආහාර මිල අඩු කිරීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ අද සිට බත් පැකට් එකක මිල රුපියල් 10 කින් අඩු කරන බවයි.

ඊට අමතරව කොත්තු හා ෆයිඩ් රයිස් එකක මිල ඒ අනුව රුපියල් 10කින් පහත දමා තිබේ.

ප්ලේන් ටී එකක මිල ද රුපියල් 5කින් පහත දමා ඇත.

නව රජය ඉදිරියේ දී අත්‍යාවශ්‍ය බඩුවල මිල ගණන් පහත දමන බවට විශ්වාස කරමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − five =