ජනපති සහ අගමැති තිස්සමහාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල

(කොළඹ, ලංකාපුවත්) –ජාතික වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සදගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට පෙර, ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි දී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

චමල් රාජපක්ෂ සහ මහින්ද අමරවීර යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + seven =