බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ට ජය

(කොළඹ, ලංකාපුවත්) – බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් ජෙයාර් බොල් සෙනරො ජයග‍්‍රහණය කර තිබේ. ඒ 55.2%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ය.

ප‍්‍රතිවාදී අපේක්ෂක ෆර්නැන්ඩෝ හැඩඩ් හිමිකර ගත්තේ 44.8%ක ඡන්ද ප‍්‍රතිශතයකි.

බ‍්‍රසීලයට නව මුහුණුවරක් දෙන බව මැතිවරණ ප‍්‍රතිඑල නිකුත් කිරිමෙන් පසු ජෙයාර් බොල් සෙනරො ප‍්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුගේ ජයග‍්‍රහණය සමරමින් බ‍්‍රසීලයේ ජනතාව වීදි බැස සතුට පළකර තිබේ.

මැතිවරණ සමය පුරා බ්‍රසීලයේ විරෝධතාවන් රැසක් උද්ගත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *