ශ්‍රී ලාංකිකයන්ට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ක්‍රියාවලියට ගෞරව කරමින් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වන මානව හිමිකම් ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රැසකට අත්සන් තබා තිබේ.

හිටපු අමාත්‍යවරයෙකුගේ ආරක්ෂක නිළධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව ද දැඩි අවධානය යොමු කර ඇති බව මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ක්‍රියාවලියට ගෞරව කරමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගනිමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. සංයමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරමින් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාමකාමීව කටයුතු කරන්නැයි ද සියලු පාර්ශවවලට අවධාරණය කරනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *