වෙඩි වැදුණු තවත් සේවකයෙක් මරු‍ට

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ(28) සවස සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට දෙදෙනෙක් මිය ගොස් තිබේ.

තවත් අයෙක් තුවාල ලබා ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් සංස්ථාවට ඊයේ ගිය අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

අර්ජුන රණතුංග මහතා ලේඛන කිහිපයක් රැගෙන යාමට යැයි පවසමින්, අමාත්‍යාංශ භූමියට ඇතුළුවීමේ දී සේවකයින් ඊට විරෝධය පළ කර තිබුනි. වෙඩි තැබීම සිදුකර ඇත්තේ, ඒ අතර තුර දී ය.

හිටපු අමාත්‍යවරයා සමග 20කට අධික පිරිසක් සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කර තිබේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කෝපයට පත් සේවකයින් අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිස සංස්ථා පරිශ්‍රයේ රඳවා ගනු ලැබීය. සේවකයින් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක නිරතවූ අතර, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ආරක්ෂාවට යොදවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *