ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ 125 වන සංවත්සරය 01 සහ 02 දෙදින සැමරේ

(කොළඹ, ලංකාපුවත්) – 1893 වසරේ පටන් වසර සිය ගණනකට අධික කාලයකට උරුමකම් කියමින් ලංකාවේ දරු දැරියන්ගේ දෑස් විවර කරමින් මහත් වූ සේවාවක නියලෙමින් මොරටුව විශ්වවිද්‍යාලය ,වෛද්‍ය විද්‍යාලය ,සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ආදී විවිධ වු අධ්‍යාපන ආයතන බිහිකරමින් පැමිණි කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය හැඳින්විය හැකිය.

වසර 125 පුරාවට විශාල ලාංකික සිසුන් පිරිසකට අධ්‍යාපනය ලබා දෙමින් මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය අද වන විට දීර්ඝ ගමණක් පැමිණ ඇත. එම වසර 125ක දිගු ගමණ සැමරීම සඳහා විවෘත දිනය සමගින් තාක්ෂණික ප්‍රදර්ෂණයක් පැවැත් වීමට කටයුතු සංවිධානය කොට ඇත. විද්‍යාලයේ අධ්‍යක්ෂ තුමිය වන ශිරානි හෙට්ටිආරච්චි මෙනවියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙය විවිධ වූ විෂය පතයන් වලට අදාල නිර්මාණ වලින් සමන්විත වේ.

නොවැම්බර් මස 01 සහ 02 යන දෙදින තුල මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයීය පරිශ්‍රය තුල දී මෙ‍ම ප්‍රදර්ශණ වැඩසටහන ආරම්භ වන අතර එම දෙදින පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා විද්‍යාල භූමිය තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික් හා ඉලෙක්ටොනික් තාක්ෂණය , ස්වර්ණාභරන තාක්ෂණය, සැලසුම් ශිල්පය, පෑස්සුම් ශිල්පය වැනි ක්ෂේත්‍රයන්ට අදාලව ප්‍රවීනයන්ගේ දේශණ, ප්‍රදර්ශණ කුටි හා පරිගණක විනෝද ක්‍රීඩා ඇතුළුව විවිධ අංග රැසකින් සමන්විතවේ. පාසල් සිසුන්ට හා වෘත්තිය අධ්‍යාපනය හදාරන සිසුන් ඇතුළුව සියළුදෙනා හට මේ සඳහා සහභාගී වී විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම සංවත්සර උළෙල සංවිධාන කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *