සම්පත් බැංකුවේ “වැවට ජීවයක් ” යටතේ වැව් දෙකක් ගොවි ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) – තිරසර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා මෙරට වැව් පද්ධතියේ ඇතිවැදගත්කම හඳුනාගත් සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ තවත් දිස්ත්‍රික්ක දෙකක වැව් දෙකක් ජනතා අයිතියට හෙට(30) දිනයේ දී පත් කරනු ඇත.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඹගස්වැව ග්‍රාමයේ අඹගහවැවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල ග්‍රාමයේ ධාන්‍යාව වැවත් ගොවි ජනතාවට භාරකරදීමට සම්පත් බැංකුව කටයුතු කරනු ලැබේ.

අඹගහ වැව ව්‍යාපෘතිය යටතේ පවුල් 76ක 300කට අධික පිරිසක පිරිසකට සෙත සැලසෙන අතර කුඹුරු අක්කර 40කට අධික ප්‍රමාණයක් පෝෂණය කෙරේ. එසේම ධාන්‍යාව වැව ව්‍යාපෘතිය යටතේ පවුල් 96ක 400කට අධික පිරිසකට ද සෘජු ප්‍රතිලාභ හිමිවන අතර කුඹුරු අක්කර 112කට අධිකප්‍රමාණයක් ද ජලයෙන් පෝෂණය වේ.

මීට දශක දෙකකට පෙරාතුව ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන සම්පත් බැංකුව විසින් දියත්කළේය.

වසරින් අඩකට වැඩි කාලයක් පුරා වියළි කලාපයේ ජනතාව ජලය නොමැතිව විඳින අනේක විධ දුක්ගැහැට සඳහා පිළියමක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණකි. ඊට අමතරව වියළි කලාපයේ ගොවි ජනතාවට යල සහ මහ යන කන්න දෙකම වගා කිරීමේ අවස්ථාව උදාකරමින් වසරපුරාම විශ්වසනීය ජලසැපයුමක් ලබාදීමත් මෙමගින් අරමුණු කෙරේ. ඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගේ ජීවනතත්ත්වය නගා සිටුවීමත් එම ව්‍යාපෘතියේ අරමුණු අතර ප්‍රමුඛ ස්ථානය ගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *