හිටපු අගමැතිගේ ආරක්ෂක කණ්ඩායම 10 දෙනකුට සීමා කරන්නැයි උප⁣දෙස්

(කොළඹ, ලංකාපුවත්) –රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවය යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වහාම ඉවත් කර නිලධාරීන් 10 දෙනකු පමණක් ආරක්ෂාවට යොදවන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (28) සවස අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට නියෝග කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබ ඇතැයි ද, එබැවින් ආරක්ෂාවට යොදවා සිටින අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිරික්ත නිලධාරීන් ඉවත් කර වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 10 දෙනකු පමණක් යොදවන්නැයි ද පොලිස්පතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

මෙය අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා ක්‍රියාත්මක කර තමා දැනුම්වත් කරන ලෙස ද ජයසුන්දර මහතා දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *