ඉන්දුනීසියාවේ දී කඩා වැටුණු ගුවන්යානයේ තාක්‍ෂණික දෝෂ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ දී කඩා වැටුණු ගුවන්යානය තාක්‍ෂණික දෝෂ සහිත එකක් බවට වාර්තා පළ වී ඇත. එම අනතුරෙන් පුද්ගලයන් 189 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.

බොයිං සමාගමෙන් පසුගිය අගෝස්තු මස මිලදී ගනු ලැබූ මෙම නවතම ගුවන් යානය, අනතුරට ලක් වන විට සම්පූර්ණ කර ඇත්තේ ගුවන් පැය 800ක පමණ ප්‍රමාණයකි.

මෙය බොයිං සමාගම 2016 වසරේ දී හදුන්වාදුන් නවතම ගුවන් යානා මාදිලියකි.

එය පැදවූ ගුවන් නියමුවන් පැය 11000කට වැඩි ගුවන් අත්දැකීමක් සපිරි පරිණත ගුවන් නියමුවන් බව ලයන් එයාර් සමාගම සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *