(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
කොළඹ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.
“ජනතාව මින් පසු යක්ෂයාගේ දිනයට භය වෙන්න ඕනේ නැහැ. යක්ෂයාගේ දිනය 10 වෙනිදා. යක්ෂයාගේ දිනයට භය වෙන්න එපා, තැති ගන්න එපා. මිල සූත්‍රය මීට පස්සේ මල සූත්‍රයක් බවට පත්වේවි“, යැයි මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය 2018 මැයි 10 දින සිට ක්‍රියාවට නංවනු ලැබූ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය ඔක්තෝබර් 18 දින මේ සඳහා යොදු ගනු ලබන ගණිතමය සූත්‍රය මුල් වරට හෙළි කර සිටියේය.