නව රජයේ පළමු කැබිනට් අමාත්‍ය රැස්විම පැවැත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවත්වුණූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මාධ්‍ය වෙත සඳහන් කළේය.

මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී ආදායම් බදු කොමසාරිස්වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් කළ නිර්දේශය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප‍්‍රකාශකවරුන්ගේ පළමු මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨත්වය අනූව ආදායම් බදු දෙපාර්තමේන්තුවේම සුදුසු අයකු ඒ සඳහා නිර්දේශ කරන ලෙස නව මුදල් අමාත්‍යවරයාගෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කර තිබේ. ඒ අනූව සුදුසු නිලධාරියකු ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිර්දේශ කරන ලෙසට ද ඉල්ලීමක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =