පොලිස්පතිගෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්නිලධාරීන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. විශේෂ රැස්වීමක් අද(30)කැදවමින් එම උපපදෙස් ලබා දී තිබේ.

එහි දී උපදෙස් ලබා දෙනු ලැබුවේ කොළඹ සහ අවට ප්‍රදේශවල විශේෂයෙන් අද දින කිසිදු කලහකාරී සිද්ධියක් සිදු නොවන ලෙසට උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස ය.

එසේම අද (30) දිනයේ කොළඹ ආරකෂාව සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත පොලිසියේ නිළධාරීන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් ද රථ වාහන පොලිස් නිළධාරීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් ද විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් 10 ක්ද යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *