නව අගමැතිට හිමි වරප්‍රසාද ලබා දෙන්නැයි සන්ධානයෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කතානායකවරයාගෙන් ඉල්ලා සිටි.

කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම ඉල්ලීම කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ප්‍රතිපාදන මත ජනාධිපතිතුමා මෙම පත්කිරීම සිදුකර ඇති බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙන්වා දෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුත් එම ලිපියේ තවදුරටත් සදහන් වන්නේ තම සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනටමත් නව පදවියේ දිවුරුම් දී ඇති බව කතානායකවරයා ද හොදින් දන්නා කරුණක් බවයි. එබැවින් එම තනතුරට හිමි සියලු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබාදෙන ලෙස අදාළ ලිපියෙන් තවදුරටත් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *