මැලේසියානු ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණය අද සිට වැසේ

(කොළඹ, ලංකාපුවත්) –2000 වසරේ මුල් භාගයේ සිට මැලේසියානු ක්‍රිකට් සංගමය විසින් භාවිතා කරනු ලැබු, බොහෝ මැලේසියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තිඹීරි ගෙය වූ කින්රාරා ඕවල්ජාතික ක්‍රීඩාංගණය අද (31) සිට සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පෙරුමාහාන් කින්නාරා (PKB) විසින් පවරා ගනු ලැබේ.

ඒ හෙට සිට 15 වසරක ඉඩම් බදු ගිවිසුම අවසන් වීම හේතු කොටගෙනයි.

ආරම්භයේ සිටම මෙම ඉඩම තාවකාලික ලෙස භාවිතා කරන බවට වූ පොරොන්දුව මත හා මැලේසියානු ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරිත්වය සඳහා තමන්ගේම ස්ථිර නිවසක් සොයා ගැනීමට වූ පොරොන්දුව මත මෙම 15 අවුරුදු බදු ගිවිසුම යටතේ ලබා දී තිබු බවයි.

පෙරුමාහාන් කින්නාරා (PKB) සමාගම පවසා සිටියේ බදු ගිවිසුම කල් ඉකුත් වීමට පෙරාතුව ලබා දී තිබු ඉඩම ආපසු ලබා ගැනීම සඳහා මැලේසියානු ක්‍රිකට් ආයතනයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් එය මග හැර ඇති බවයි.

තවද, මැලේසියානු ක්‍රිකට් ආයතනය විසින් පෙරුමාහාන් කින්නාරා (PKB) සමාගමට සැලකියයුතු මට්ටමේ මුදලක් ගෙවීම පැහැර ඇති බවටද වාර්තා වේ.

මැලේසියාවේ ජාතික ක්‍රීඩා කවුන්සිලය දක්වා මෙම ගැටලුව ගොස් ඇති අතර එම කවුන්සිලය විසින් මෙම ගැටලුව ට මැදිහත් වීමක් ද සිදු කොට තිබේ.

මැලේසියානු ක්‍රිකට් ආයතනය විසින් කල්බදු ගිවිසුමේ කොන්දේසිවලට ගරු කර එම ඉඩම නිසි හිමිකරුට කල් ඉකුත්වීමෙන් පසු ආපසු භාර දෙනු ඇතැයි PKB සමගම බලාපොරොත්තු වේ.

මේ අතර, ඔවුන්ගේ දෙවන ගෙදර බදු ජාතික ක්‍රීඩාංගනය අහිමිවීම පිළිබඳව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ද කම්පනයට පත් වි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *