පින්නදූවේ ඉන්ධන හලක් කොල්ල කයි

(කොළඹ, ලංකාපුවත්) – අක්මීමන පින්නදූව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි දී සේවකයන් බිය ගන්වා මුදල් කොල්ල කා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (31) රාත්‍රී 09.15ට පමණ අදාළ පුද්ගලයින් දෙදෙනා අහසට වෙඩි තබා ඉන්ධන හලේ පොම්පකරු බියගන්වා රුපියල් 32,320ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අක්මීමන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − eighteen =