ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(01) රැස්විමට නියමිත ය.

ඒ අනුව අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති නිල නිවසේදී පවැත්විමට නියමිත බව වාර්තා වේ.

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම සහ වත්මන් ආණ්ඩුව පිහිටුවිමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + twelve =