ශ්‍රී ලංකාව ගැන චීනය දැඩි ස්ථාවරයක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව චීනය අවධාරණය කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා බෙයිජිං නුවර දී මේ බව පැවසීය. මිත්‍රශීලී හා අසල්වැසි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය පිළිබඳව චීනය නිරන්තර අවධානයෙන් පසුවන බව ඔහු පෙන්වා දුන්නේය.

අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම චීන ප්‍රතිපත්තිය වේ.

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය එහි අභ්‍යන්තර කටයුත්තකි. ශ්‍රී ලංකාවේ රජයට, දේශපාලන පක්ෂවලට හා ජනතාවට එම ගැටලු විසඳා ගැනීමට හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙරට දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *