“The Grinch” නොවැම්බර් 09 වැනිදා සිට තිරගත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු නවතම ත්‍රිමාන පරිගණක සජීවීකරණ ප්‍රහසනය The Grinch නොවැම්බර් 09 වැනි දින සිට තිරගත වීමට නියමිතය.

1957 වසරේ දී නිර්මාණය වුණු ඩොක්ටර් සොයිස් කතා මාලාවේ ” හව් ද ග්‍රින්ච් ස්ටෝල් ක්‍රිස්මස් ” ඇසුරෙන් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත.

ග්‍රින්ච් යනු මිනිසකු නොවුණද මිනිසකු හා සමාන සජීවීකරණ චරිතයකි. මැක්ස් ග්‍රින්ච්ගේ සුවච කීකරු සුනඛයයි.

අසල් ගෙදර ඝෝෂාකාරීව අති උත්කර්ෂවත් ලෙසින් සැමරීමට සූදානම් වෙන නත්තලට ‘ග්‍රින්ච්‘ මනාපයක් දක්වන්නේ නැහැ. නමුත් එම උත්සවය කඩාකප්පල් නොකර සාමකාමී විසඳුමක් රැගෙන එන්නයි ග්‍රින්ච් උත්සාහ කරන්නේ.

‘ග්‍රින්ච්‘ තිර නිර්මාණයක් වන්නේ තෙවැනි වරටය. මින් පෙර 1966දී රූපවාහිනී නිර්මාණයක් ලෙසද 2000දී අමෙරිකානු සජීවීකරණ සිනමා ප්‍රහසනයක් ලෙසින්ද මෙය නිර්මාණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *