කොටස් වෙළඳපොල තවත් ඉහල යයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ කොටස් වෙළදපොලේ මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළදපොල දත්ත සදහන් කරයි.

ඒ අනුව ඊයේ(01) දිනය නිමා වනවිට සියළු කොටස් මිල දර්ශකය සියයට 2.7 කින් ඉහළ ගොස් තිබුණු අතර ගණුදෙනු නිමාවේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 160 කින් ඉහළයාම ද විශේෂත්වයකි.

කලකට පසුව සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක හයදහස ඉක්මවා ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

එය මේ වනවිට දැක්වෙන්නේ ඒකක 6122.76 ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − 2 =