ගෝඨාභය – රනිල් හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හමුවක් ඊයේ (01) රාත්‍රී පැවැති බව වාර්තා වේ.

ඒ අරලියගහ මන්දිරයේදී ය. රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණීමේ දී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙහි දී සාකච්ජාවට ලක්ව තිබේ.

එහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ ද සාකච්ජාවට ලක්ව ඇත. පැය භාගයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව සිදුව ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සාකච්ජාවට එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =