ජනපති ඓතිහාසික සෝමාවති පුදබිමේ ආගමික වතාවත්වල

(කොළඹ, ලංකාපුවත්) – අද (02) පෙරවරුවේ ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ විසින් එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

මේ අතර සෝමාවති පුදබිම වැදපුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නය සහ සැදැහැවත් ජනතාව වෙනුවෙන් නේවාසික පහසුකම් සළසමින් සෝමාවති පුදබිමේ ඉදිකෙරුණු නව තෙමහල් විශ්‍රාම ශාලාව අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සෙන්ට්‍රල් ඛෙයාරිංග්ස් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදත් තෙන්නකෝන් මහතාගේ සහ දායක සභාවේ ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 30 ක පමණ වියදමින් මෙම නව විශ්‍රාම ශාලාව ඉදිකර තිබේ.

හිටපු අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =