නව අමාත්‍යාංශ ලේකම්වරු සිව් දෙනෙක් පත්වීම් ලිපි ලබා ගනී

(කොළඹ, ලංකාපුවත්) –නව අමාත්‍යාංශ ලේකම්වරු සිව් දෙනෙක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

01- සුනිල් හෙට්ටිආරච්චි මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය
02- එන්.ඒ. සිසිර කුමාර මහතා – වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
03- එස්.ආර්. ආටිගල මහතා – මුදල් හා ආර්ථීක කටයුතු පිළිබද අමාත්‍යාංශය
04- දර්ශනා සේනානානයක මහත්මිය – සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *