පේරු විපක්ෂ නායිකාවට සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –පේරු රාජ්‍යයේ විපක්ෂ නායික කෙයිකෝ පුජිමෝරිට වසර 3ක සිර දඩුවම් නියමකර තිබේ. ඒ, අල්ලස් චෝදනාවකට වරදකරුවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පේරු අධිකරණය විසින් අදාළ දඩුවම් ඊයේ නියම කෙරිණ. දුෂණ චෝදනා නඩු විභාගයට මුහුණ දෙන තෙක් වසර 3ක කාලයක් ඇයව සිරගත කරන ලෙස අධිකරණය නියම කර ඇත. ඊට හේතුව ඇය පේරු රාජ්‍යයෙන් පළා යෑමේ දැඩි අවධානමක් පැවැතීම බව වාර්තා වේ.

2011 වසරේ දී බ්‍රසීලයේ දැවැන්ත ඉදිකිරීම් සමාගකින් අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පේරු විපක්ෂ නායිකාවට චෝදනා එල්ල වී තිබේ.

එහෙත්, ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මෙය දේශපාලනික පලිගැනීමක් බවයි. නඩු විභාගයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඇයගේ නීතීඥයන් අපේක්ෂා කරයි.

43 හැවිරිදි කෙයිකෝ පුජිමෝරි 2011 හා 2016 වසරවල ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *