ඛනිජ තෙල් මිල අඩු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් මිල අඩු කෙරේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් හා ඔටෝ ඩීසල් යන ඛනිජ තෙල්වල මිල ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලිටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 07කින්ද අඩු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, පෙට්ට්‍රල් ලිටරයක නව මිල රුපියල් 145ක් ද,ඩිසල් ලිටරයක මිල රුපියල් 116 ක්ද වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *