ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –මහ බැංකු විනිමය අනුපාතයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (02) රුපියල් 1 ශත 50කින් ඉහළ ගොස් තිබේ.

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය අඟහරුවාදා (30) සිට නොවැම්බර් (01) වැනිදා දක්වා දිනක් තුනක් අඛණ්ඩව අවප්‍රමාණය විය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 175.82ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 171.93ක් ලෙස සටහන් වී තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (01) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 177 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා රුපියල එතරම් පහළ අගයට වැටුණු පළමු අවස්ථාව එය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *