දිනේෂ් ගුණවර්ධනට තනතුරක්

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව ලබන හත් වැනිදා (07) කිසිඳු විටකින් නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(03) මාධ්‍යයකට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කැදවීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සතු බව, ඔහු අගමැති කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේය. විවිධ පාර්ශව පාර්ලිමේන්තුව කැදවීම සම්බන්ධයෙක් කරන ප්‍රකාශයන් තුළ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඔහු සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ආණ්ඩුව සමග සිටින සියළුම කණ්ඩායම් අද හමුවි තීන්දු කිහිපයක් ගෙන ඇත. ඒ අනූව, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභානායක ලෙස පත්කිරීමට ද එකඟතාවයකට පැමිණ තිබේ.

හමුව පැවැතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *