කෝටි 50කට මන්ත්‍රීකම විකුණුවාද? ඇමති වසන්ත පිළිතුරු දෙයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් මිලියන පන්සීයකට හෙවත් කෝටි පනහකට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ වන විට විදෙස් සංචාරයකට එක්ව සිටින අතර තමා පිළිබඳ ව මේ වන විට විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින සත්‍යය පුවත් පිළිබඳව එතුමාගේ දැඩි අවධානය යොමු ව තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමා හැම දා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආදරණීය නායකයා බවත් මන් බලයට පත් කළ ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් අපි අවධාරණය කරයි රටේ ඇති වූ රටට අවශ්‍ය වෙනස පිළි ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ආරාධනය මත තමා ආණ්ඩුවට 6 පලකිරීමට තීරණය පලකිරීමට තීරණය කළ අතර කිසිදු අවස්ථාවක වලට තමා මන්ත්‍රීධුරය පාවා නොදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි තමන් එක්සත් ජාතික පක්ෂය සමග රජයේ සිටි නමුත් අපේක්ෂා කරන සේවය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටු කිරීමට එම නායකයින් අපොහොසත් වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තමන් අපේක්ෂා කරන වැඩි වැඩපිළිවෙළ ඉදිරියේ දී තම ආදරණීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *