‘ජනමහිමය‘ මහජන උද්ඝෝෂණයට සියල්ල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුවට සහය පළ කෙරෙන ජනමහිමය මහජන උද්ඝෝෂණය අද (05) දහවල් 12.00ට පාර්ලිමේන්තු වටරවුමේදී ආරම්භවේ.

බටහිර රටවල අවශ්‍යතාව මත රටේ ජනමතය යටපත් කිරීමට දරණ උත්සහය පරාජයට පත් කිරීම මෙම මහජන උද්ඝෝෂණයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය.

මව්බිමට ආදරය කරන සියලූ පාර්ශ්වවලට මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වන ලෙස ආරාධනා කරන බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.

දහවල් 12ට ආරම්භ කෙරෙන මෙම මහජන උද්ඝෝෂණය පස්වරු 06.00 පමණ වනතෙක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 20 =