චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය උත්කර්ෂවත්ව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද(05)උදෑසන චීනයේ ශංහැයි නගරයේදී ආරම්භ විය.

චීන ජනාධිපති ෂීජින්පිං මහතා චීන රජය හා ජනතාව වෙනුවෙනුත් පෞද‍්ගලික වශයෙනුත් මෙම ප්‍රදර්ශනයට එක්වන රටවල්, ප්‍රදේශ හා ජාත්‍යන්තර සංවිධාන 172ක් සහ 3600කට වැඩි ව්‍යවසායන් උණුසුම් ලෙස පිළිගන්නා බව සමාරම්භක අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

චීන සංවර්ධනයන්හි පවතින අවස්ථාවන් ග්‍රහනය කරගෙන ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා පුළුල් කරමින් පොදු සමෘද්ධිය ඉටුකරගත හැකි බවට හෙතෙම විශ්වාසය පළ කරයි.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ආනයනය තේමා කරගත් ලෝකයේ ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනයයි. එය ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන ඉතිහාසයේ දැවැන්ත නිර්මාණයකි.

එය චීනය විදේශයන්ට විවෘත වීම පුළුල් කිරීම සඳහා අලුතින් ක්‍රියාත්මක කරන දැවැන්ත තීන්දුවක් වත්මන් ලෝක ආර්ථිකය ගැඹුරු ලෙස සකස් වෙමින් පවතී. ආරක්ෂණවාදය හා ඒකපාර්ශවවාදය මතුවී තිබේ. ආර්ථික ගෝලීයකරණය, බහුපාර්ශවවාදය හා නිදහස් වෙළඳ පටිපාටිය බාධාවන්ට ලක්ව ඇත. අස්ථාවර හා අස්ථිර සාධකයන් තවමත් බහුලව පවතී.

එබැවින් වත්මන් තත්වය ගැන පැහැදිලිව අවබෝධ කරගෙන අදාළ මූලධර්මග්‍රහණය කරමින් විවෘත සහයෝගතා පිළිබඳ අධිෂ්ඨානයේ තරයේම නියැළී සිටිමින් අවදානම් හා අභියෝගයන්ට පොදුවේ මුහුණ දිය යුතු බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

ඉදිරි වසර 15 තුළ ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 30කට වැඩි ව‍ටිනාකමෙන් යුත් භාණ්ඩ හා ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 10කට වැඩි වටිනාකමෙන් යුත් සේවා ‍වෙළඳාම චීනය පිළිගනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

විවෘත භාවය නූතන චීනයේ කැපීපෙනෙන සංකේතයක් බවට පත්ව ඇතැයිද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කුඩා වැවක් නොවන චීන ආර්ථිකය විශ්ව සාගරයක් බැවින් කුණාටු හෝ දැඩිසුළං හෝ හේතුවෙන් සාගරයක් විනාශවීමේ ඉඩකඩ නොමැති බවද හෙතෙම පැවසීය. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *