කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනය කරයි.

ඒ අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම තනතුරට පත් කර තිබේ.

ඊයේ (05) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *