ත්‍රීරෝද රථයකට ගසක් කඩා වැටී දෙදෙනෙක් මරුට- 3ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) –උඩපුස්සැල්ලාව පොලිස් වමමේ රාගල කොටඹ අතුරුමාර්ගයේ ගල්කොටුව ගරුඩගප ආසන්නයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් 2 ක් මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

ඊයේ(05) රාත්‍රී 8.35 ට පමණ මෙම අතුරු මාර්ගයේ රාගල සිට කොටඹ දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගයින් 5 දෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසීය.

පසුව ඔවුන්ව උඩපුස්සැල්ලාව රෝහලට ඇතුළත් කිරීමේ දී පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් වු කහතඩිඅරාව, මාස්පන්න ප්‍රදේශයේ පදිංචි නිශාන්ත ජයකොඩි නැමති පුද්ගලයෙකු හා වයස අවුරුදු 28 ක් වු එම ප්‍රදේශයේ පදිංචි සුසිල් කුමාර ජයකොඩි යන තරුණයෙකි.

මෘත ශරීර මේ වන විට උඩපුස්සැල්ලාව රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ අද(06) සිදු කිරීමට නියමිතය.

උඩපුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =