නාට්‍ය පුහුණුවීම් කටයුතු සඳහා සව්සිරිපායේ ඉඩකඩ

(කොළඹ, ලංකාපුවත්) –නාට්‍යවේදීන්ගේ පෙර පුහුණුවීම් කටයුතු සඳහා සව්සිරිපාය ඉඩකඩ ලබාදීමට ටවර් හෝල් රඟහල පදනම සූදානම් බව එහි අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බී. අබේකෝන් මහතා පැවසීය.

දීර්ඝ කාලයක සිට මෙරට නාට්‍යවේදීන් හට සිය නාට්‍ය නිෂ්පාදනයේ දී පෙර පුහුණුවීම් සිදුකිරීමට ශාලා පහසුකම් නොමැතිව ඔවුන් පත්ව තිබෙන දුෂ්කරතාවයට පිළියමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ටවර් හෝල් රඟහල පදනම විසින් ප්‍රවීණ නාට්‍යකරුවන්ට මෙන් ම, නවක නාට්‍යකරුවන් වෙනුවෙන් ද නාට්‍ය පෙර පුහුණුවීම් සිදුකිරීම සඳහා කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ගොඩනැගිල්ලේ බිම් මහලේ ඉඩකඩ පස්වරු 5.00 – 9.00 දක්වා කාලය තුල ලබාදීමට පියවර ගෙන තිබේ.

මෙම ඉඩකඩ පහසුකම් යටතේ ඕනෑම නාට්‍යවේදියෙකුට සිය නාට්‍යයේ පෙර පුහුණුවීම් සඳහා ටවර් හෝල් රඟහල පදනම මගින් මෙම අවස්ථාව ලබාගත හැකි අතර, පැයකට රු. 200ක්වැනි සහනදායී මුදලක් පමණක් මේ වෙනුවෙන් අයකරනු ලැබේ.

මේ පිළිබඳව වැඩි විස්තර 011-2682324 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *