බස්ගාස්තු අද අඩුවෙයි ද?

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද (07)පැවැත්වේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එළැඹෙන තීරණය කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව ය.

ඒසේම පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන ලද්දේ ඩීසල් මිල පහළ යාමෙන් වූ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට තම සංගමය කිසිදු විරෝධයක් නොදක්වන බව ය. බොහෝ දුරට සියයට 02ක ප්‍රතිශතයකින් බස්ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බවට තමා විශ්වාස කරන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *