මිලියන 20ක හෙරොයින් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියා පාර, ජය මාවතට හැරෙන මංසන්ධියේ දී හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් ක‌ළේය.

මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් ඊයේ(06) සවස 6.15ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ තිබී මෙම හෙරොයින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 51 ක් වු කඩොල්කැලේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අද(07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *